රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ සයිටම් අහෝසි කිරීම අැතුළු සෞඛ්‍ය සේවාවට අැති වී තිබෙන ගැටලු 10ක් විසඳීමට ලබාදුන් කාලය තුළ ඒ සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් අද (30) උදේ 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් සිදුකරන බවයි.
රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද උදේ 8.00 ට අාරම්භ වන වැඩ වර්ජනය හෙට උදේ 8.00 ට අවසන් වන බවයි.
මානුෂීය හේතුන් මත ළමා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල්, වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල හා මහරගම පිළිකා අායතනය තුළ වැඩ වර්ජනය සිදු නොකරන බවයි.
මේ වන විට පැවැත්වෙන වැඩ වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් රැසක වෙෙද්‍ය සේවා අඩාල වී තිබේ.