නවම් පුර පසළොස්වක පෝය දිනය අද (31)ට යෙදී තිබේ.
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන් ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත.