පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් 31 වැනිදා ජනපති කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට අද කැඳවා තිබේ.

 

කොමිසමේ ලේකම් එච්.එම්.පී.බි හේරත් මහතා සඳහන් කළේ පෙරවරු 9.30 ට හිටපු අමාත්‍යවරයාව කැඳවා ඇති බවයි.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද කැඳවා තිබුණි.

එහෙත් ඔහු කළ ඉල්ලීමකට අනුව ලබන 31 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා එම ඒකකයට කැඳවීමට නියමිත බව එච්.එම්.පී.බි හේරත් මහතා පැවසුවේය.

අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව මේ වනවිට පුද්ගලයින් 262 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන තිබේ.

කොමිසම, ප්‍රකාශ සටහන් කරගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1200 කි.

Exit mobile version