ලොවම සංවේදී කළ චිත්‍රපටය

Share

මේ චිත්‍රපටය ඔබව සංවේදී කරවනවා සත්තයි.
ඒ තමයි PonMagal Vandhal (2020)
PonMagal Vandhal රත්තරන් දෙව් දුව එහෙමත් නැත්නම් දේවතාවිය ආවා. කොවිඩ් 19 නව කොරෝනා වසංගතයත් එක්ක ඉන්දියාවෙන් චිත්රපට සිනමාහල් වල ප්‍රදර්ශනය කරන එක නැවැත්තුවා. අපේ රටේත් එහෙමයි. නමුත් ඉන්දියාවේ එයාල පෙලගස්වා තිබූ ඇතැම් සිනමාහල් වලට මුදාහරිනවා වෙනුවට විද්‍යුත් මාධ්‍ය වලින් මුදාහරින්න පියවර ගත්තා. මේ චිත්‍රපටයත් ඒ විදිහට ඇමසන් ප්‍රයිම් වීඩියෝ නැමැති විද්‍යුත් මාධ්‍ය හරහා මුදා හැරුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුදා හරින්නේ පසුගිය මස එනම් 2020 මැයි 29 වෙනිදා. අපි චිත්‍රපටය ගැන කථා නොකර ඉමු. ඒක ඔයාල ඒ විදිහටම රස විඳින්න. කෙනෙක්ගේ වේදනාවක්, ඒ ගැන අපි අහන ප්‍රවෘත්තියක්.
අපිට නිකන්ම නිකන් ප්‍රවෘත්තියක් විතරයි. ඒත්, අපි කවදාවත් ඒ ප්‍රවෘත්තියේ වේදනාවට පත්වුන කෙනාගේ තැන අපි ඉඳගෙන ඒ වේදනාව කොහොම වෙයිද කියලා කවදාවත් හිතලා බලලා තියනවද. කෙනෙකුට සිද්දවෙන යම් දෙයක් අපිට නිකන්ම නිකන් කතාවක් විතරයි. ඒත් ඒකේ වේදනාව දැනෙන්න නම් අපිටත් කවදා හරි එහෙම දෙයක් වෙන්න ඕනේ.
– අවුරුදු 15කට කලින් තීන්දුවක් දී වසා දාපු නඩුවක්.
– යුක්තිය ඉල්ලා නැවතත් ඒ නඩුවම විමසන එක කාන්තාවක්.
– නීතියේ ඇස් වැහුවේ කවුද.
– ඇත්තම අපරාධකාරයා කවුද.
– ජෝති කවුද… වෙන්බා කවුද…
චිත්‍රපටය බලන්න.. ඒ හැම දේකටම උත්තරය චිත්‍රපටයේ තියනවා. ගොඩක් සංවේදී චිත්‍රපටයක්. ගැහැණු දරුවන් ඉන්න අම්මලා තාත්තලට, සහෝදරියන් ඉන්න සහෝදරයන්ට, ඇයි.. සමාජයේ ඉන්න අපි හැමෝටම මෙයින් පාඩමක් උගන්වනවා.
පරිස්සමට හඳන්න ඕනේ, රැකබලාගන්න ඕනේ ගැහැණු ළමයි විතරද…
ඇයි පිරිමි ළමයින්ට හොඳ නරක කියා දෙන්න එපාද..
මේ වෙන්බාගේ කතාව විතරක් නෙවෙයි,
මේ ආසිෆාගේ කතාව විතරක් නෙවෙයි,
මේ හාසිනීගේ කතාව විතරක් නෙවෙයි,
මේ නන්දනීගේ කතාව විතරක් නෙවෙයි,
මේ තියෙන්නේ ඔයාගෙත් මගේත් දියණියගේ කතාවයි..
ඔයාගේ අක්කගේ නංගිගේ කතාවයි..
සූර්යා නිෂ්පාදනය කරපු, ලක්ෂ්මී සරවනකුමාර් සහ ජේ.ජේ.ෆෙඩ්රික් තිර රචනය කල පොන්මගල් වන්දාල් චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ජේ.ජේ.ෆෙඩ්රික් විසිනුයි. රාම්ජී කැමරාකරණයෙන්ද, රෑබන් සංස්කරනයෙන්ද දායක වූ මේ චිත්රපටයේ සංගීතය ගෝවින්ද් වසන්ත විසිනි.රංගනයෙන් ජෝතිකා, පාක්යරාජ්, පාර්තිබන්, ත්යාගරාජන් පාණ්ඩිරාජන්, විනෝදනී, ප්රතාප්, ජීවා රවී ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායක වේ. මෙහි පසුබිම් කටහඬ සූර්යා විසිනි. 2019 ජූලි මස ජෝතිකාගේ මීළඟ චිත්‍රපටය පොන්මගල් වන්දාල් ලෙස නිල නිවේදනයක් කලේය. 2D එන්ටර්ටේන්මන්ට් යටතේ සූර්යා මෙම චිත්රපටය නිෂ්පාදනය කලේය. 2019 ජූලි මස රූගත කිරීම් ආරම්භ කල මෙම චිත්රපටය නොවැම්බර් මස වන විට සියලු රූගත කිරීම් අවසන් විය. මේ චිත්රපටයේ අධ්යක්ෂකවරුන් පස් දෙනෙක් රංගනයෙන් දායක වී ඇත. එනම්, පාක්යරාජ් (පෙත්සම් පෙතුරාජ්), පාර්තිබන් (නීතිඥ රාජරතිනම්), පාණ්ඩියරාජන් (කර්පූරම්/ විනිසුරුගේ යහළුවා), ප්රතාප් පොතන් (විනිසුරුවරයා) සහ ත්යාගරාජන් (වරධරාජන්)ය. චිත්රපටය නිකුත් වනවාත් සමගම චිත්රපටයේ IMDb දර්ශකය 7.1 ලෙස නංවන්නට මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා.මේ වන විට පොන්මගල් වන්දාල් චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක ආදායමක් ලබා ඇත. හැමෝම මේ චිත්‍රපටය බලන්න කියලා මං ආරාධනා කරනවා.

Read more

Local News