අමාත්‍යවරු 70ක් නිල නිවාස අයදුම් කරයි

අභිනව පාර්ලිමේන්තුව සදහා තේරීපත් වූ නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70 දෙනෙකු රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇතැයි, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

 

ඔවුන්ට ලබා දීම සඳහා අමාත්‍යාංශය සතුව ඇත්තේ නිල නිවාස 30 ක් පමණක් බව එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාව, දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාව පදනම් කරගනිමින්, ඒවා ලබා දීමට සැලසුම් කර ඇති බවත්, පවතින තත්ත්වය යටතේ 70 දෙනෙකුට නිල නිවාස ලබා දීමේදී අමාත්‍යාංශය දැඩි අපහසුතාවයකට පත්වන බවත්, ලේකම්වරයා සඳහන් කරන ලදී.

Exit mobile version