විදෙස්ගතව සිටි ලාංකිකයින් 322ක් දිවයිනට

එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍යවල සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322ක් අද(30) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 280 දෙනෙක් ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 42 දෙනෙකු මෙලෙස පැමිණ තිබේ.

මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපළ තුළදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.

Exit mobile version