මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි මහතා පැවසුවේ පළාත් පාලන මැතිවරණයෙන් පත් වන නව සමාජිකයින් සඳහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.
ඒ අනුව පළාත් පාලන ආයතන 341හි මහනගර සභා 24ක්, නගර සභා 41ක්, ප්‍රාදේශීය සභා 276ක් වෙනුවෙන් පත්වන 8293ක් වන සමාජිකයින් සඳහා මෙම වැඩමුළු මාලාව පැවැත්වෙන අතර සෑම දිස්ත්‍රික්කටම වැඩමුළු 2 බැගින් වැඩමුළු 50ක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
තොතරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීම් සඳහා වන ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට රාජ්‍ය නිලධාරින් දැනුම්වත් වී සිටිය යුතු අතර විශේෂයෙන් බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය වේ.