බස්නාහිර පළාතේ සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට

ඊයේ (06) උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

දූෂණ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 637ක් සහ වරෙන්තු සැකකරුවන් 519 දෙනෙක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 73ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

අඟුලාන පොලීසිය විසින් හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 180ක් සමග සැකකරුවෙක් හා ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 740ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් වැටලීම් අතර, බොරලැස්ගමුවේ දී හෙරොයින් ග්‍රෑම් 63යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version