කාෂෝගී ඝාතකයන්ට ලැබුණු දඬුවම

සෞදි පාලනය විවේචනයට ලක් කළ පුද්ගලයෙක් ලෙස ප්‍රකට වොෂින්ටන් පොස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ජමාල් කාෂෝගී ඝාතනය සම්බන්ධයෙන් චූදිතයින් 8 දෙනෙකුට එරෙහිව සෞදි අරාබි අධිකරණයක් විසින් දඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

කාෂෝගී 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී ඝාතනය කර තිබිණි.

ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙක් ට වසර 20 බැගින් සිරදඬුවම් නියම විය. එක් විත්තිකරුවෙක් වසර 10කට ද අනෙක් දෙදෙනාට වසර 7 බැගින් ද සිරදඬුවම් නියම කර තිබේ.

Exit mobile version