මෙරටට එන විදෙස් නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට

විදේශයන් හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

මෙරටට පැමිණීමට පෙර මෙන්ම පැමිණීමෙන් පසුව ද ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක්වීම අනිවාර්ය වෙයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.