උගන්ඩාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් පිරිසක් පැනයයි

ඊශාන දින උගන්ඩාවේ මොරෝටෝ කන්ද පා මුල පිහිටි බන්ධනාගාරයකින් සිරකරුවන් 200 දෙනෙකු පැනගොස් ඇත.

 

පැනගිය සිරකරුවන් විසින් ගිනිඅවි සහ උණ්ඩ ද පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පැනගිය සිරකරුවන්ගෙන් දෙදෙනෙකු අල්ලාගෙන ඇති අතර සිදුකළ වෙඩි තැබීමකින් සිරකරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ය.