දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 04 සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

 

පසුගිය පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පැවතීම හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේ ය.

Exit mobile version