TikTok සහ WeChat අමෙරිකාවේ තහනම් වෙයි

Share

TikTok සහ WeChat ජංගම දුරකථන යෙදුම් හෙට සිට තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

 

කෙසේ නමුත් ලබන නොවැම්බර් මස 12 වැනිදා දක්වා TikTok යෙදවුම භාවිත කිරීමේ අවස්ථාව තවදුරටත් හිමිවෙන බව සදහන් වේ.

TikTok සහ WeChat යෙදවුම් චීනය විසින් හඳුන්වාදී ඇත.

මෙම යෙදවුම් තහනම් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ අවධානය මුල්වරට යොමුවුණේ මීට මාස කිහිපයකට පෙරයි.
ඒ අදාළ යෙදවුම් බාගත කිරීමේදී අමෙරිකානුවන්ගේ පෞද්ගලික දත්ත චීනය වෙත විවෘත වන බව පවසමින්.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මතය වුණේ මෙය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

Read more

Local News