අයිස් හා කේරළ ගංජා ජාවාරමක නිරත අයියා මල්ලි අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ජාවාරමක නිරත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක කම්කරු සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු ගලේවෙල පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල – නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි, සියාම් හා වසිම් යන “අයියා මල්ලි“ යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයන් දෙදෙනකු බව ගලේවෙල පොලීසිය පවසයි.

මෙම පුද්ගලයන් යතුරුපැදිවලින් දඹුල්ල, ගලේවෙල, අනුරාධපුර, කැකිරාව ආදී ප්‍රදේශ රැසකට මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා අලෙවි කිරීම සිදුකරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ආර්ථික මධ්‍යස්ථානයට එන බොහෝ දෙනෙකුට ඉහළ මිල ගණන් යටතේ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත.

Exit mobile version