මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට

මාලදිවයින් රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග මාලදිවයිනේ පොලීසිය එරට හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සමග එරට අගවිනිසුරුවරයා සහ තවත් ඉහළ පෙලේ විනිසුරුවරයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායක ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ලබා දුන් අධිකරණ නියෝගය ක්‍රියත්මක කිරීමට වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අර්බුධකාරී තත්ත්වයක් හට ගත්තේය.

ඊයේ දින ජනාධිපතිවරයාට එරෙහිව නැගෙන ඕනෑම විරෝධතාවයකට ප්‍රතිචාර දැක්වීමට හමුදාව වෙත නියෝග කර තිබේ. මේ අතර දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

Exit mobile version