ශ්‍රාවස්තිපුර රිය අනතුරින් පියා සහ දියණිය මරුට

අනුරාධපුර – කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අද(27) අළුයම සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය මිය ගොස් තිබේ.

 

ත්‍රීරෝද රථයක් සහ වෛද්‍යවරයෙකු ධාවනය කළ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

එහි ත්‍රීරෝද රථය පැදවූ කාන්තාව එම ස්ථානයේම මිය ගොස් ඇත. එහි පිටුපස අසුනේ ගමන් කළ ඇගේ පියා අනුරාධපුර රොහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු සහ මොටර් රථයේ සිටි වෛද්‍යවරයාද රොහල් ගතකර ඇති බව පොලීසිය සදහන් කළේය.

මිය ගොස් ඇත්තේ අනුරාධපුර තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 28 හැවිරිදි දියණියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version