20 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද තෙවැනි දිනටත්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම මේ වන විට ආරම්භ කර ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

 

කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 39 ක් වන අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් සලකා බැලීම පසුගිය 29 වනදා ආරම්භ විය.

අදාළ පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සම් 07 ක් ද ඉදිරිපත්ව ඇත.

Exit mobile version