මෙන්න අද කාලගුණ තත්ත්වය

අද(05) දිනයේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී 40 – 50 පමණ තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Exit mobile version