20ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද සිව්වන දිනටත්

අද(05) දිනයේදීත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීමට නියමිතයි.

 

ඊට අදාළ පෙත්සම් සලකා බලන සිව්වන දිනය අද වන අතර අද දිනයෙන් පෙත්සම් සලකා බැලීම් අවසන් කෙරෙන අතර හෙට(06) දිනයේ දි මීට අදාළ ලිඛීත දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනුකර තිබුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම පසුගිය බදාදා ආරම්භ කෙරුණි.

ඒ අනුව අද දිනයේ දි නීතිපතිවරයා විසින් තවදුරටත් කරුණු දැක්වීමට නියමිතය.

Exit mobile version