70 වන නිදහස් දිනයට සමඟාමීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භට පිරිස් විසින් යාපනය ශීක්ෂණ රෝහලේහි ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 03 දින පවත්වනු ලැබීය. 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ අදහසකට අනුවයි.
52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චිගේ අදහසකට අනුව, එම සේනාංක මුලස්ථානයේ පැවැති ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ දී නිලධාරින් 03 ක් සහ සෙසුනිලයින් 95 ක් ලේ පරිත්‍යාග කළහ.
ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා යාපනය ශීක්ෂණ රෝහලේහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 08 දෙනෙකු ද එක්ව සිටියහ. යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.