දිවයින පුරාම නව සෞඛ්‍ය රෙගුලාසි දැඩිව ක්‍රියාත්මකයි

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බල පැවැත්වෙන බව අජිත් රෝහණ මහතා පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ ප්‍රදේශවල ඔසුසැල් සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන තවදුරටත් වසා තැබෙන බවත් ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි නව සෞඛ්‍ය රෙගුලාසි දිවයින පුරාම දැඩිව ක්‍රියාත්මක කරන බවත්ය.

ඒ, අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සිටින පුද්ගලයින්ද මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Exit mobile version