ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලසීමාව තුළ රථවාහන 07 ක්ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
ඒ අනුව මේ දක්වා කාලසීමාව තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1122 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගැනුණු රථවාහන ගණන 162 ක්.