කාදිනල් හිමිපාණන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Share

මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය මැඩලීම සඳහා ජනතා සහය සෞඛ්‍ය අංශ වෙත ලබාදිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

 

සෞ‍ඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් ඒ ආකාරයෙන් පිළිගැනීම සියලුදෙනාගේම වගකීම වන බව මැල්කම් කාදිනල් හිමිපාණන් සඳහන් කළේය.

ඒ නිසා මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව ආවරණයක් පැළඳිම, ප්‍රසිද්ධ ස්ථානවලට යනවිට අත සෝදාගෙන යෑම ඒ සියලු දෙයක්ම අපි ඉතාමත් විශ්වාසවන්ත ලෙස අපේ රට වෙනුවෙන් ඉටුකළ යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පැවසීය.

Read more

Local News