රුපියල් මිලියන 63කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා බාරයට

Share

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඒමට උත්සාහ කල රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 213 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ‍(05) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

 

ඒ නාවික හමුදාව වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක දී.

උතුරු නාවික විධානය විසින් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නීරීක්‍ෂණය කර සිදු කල පරීක්ෂාවේදී එහි පොලිතීන් මළු 08ක් තුල පාර්සල් 98ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 213ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 36 සහ 41 යන වයසේ පසුවෙයි.

Read more

Local News