සෙම්ප්‍රතිශ්‍යාව වැළදුණු පුද්ගලයෙකු කිවිසුම් යවනවිට නිකුත්වන කෙළ බිඳිතිවලට අඩි හයකට වඩා දුරක් ගමන් කළහැකි බව අනාවරණය වී තිබේ.
ඒ අනුව කිවිසුම්යවන පුද්ගලයාට වඩා උසින් අඩු අයට, විශේෂයෙන්ම ළමයින්ට එම බිඳිතිවලින් වැඩි අවදානමක් පවතින බවත් එබැවින් යොවුන් වියේ පසුවන අය හා උසින් අඩු පුද්ගලයන් සමග උසින් වැඩි අය මීටර් දෙකක පරතරයක් පවත්වාගත යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.