නොවැම්බර් 16 වනදා එනම් සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිය පොලිස්බල ප්‍රදේශය ද හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කළ පොලිස්බල ප්‍රදේශ අතරින් මීගමුව, ජා-ඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.
අදාළ ප්‍රදේශ හැර ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ සෙසු ප්‍රදේශ එම තත්ත්වයෙන් ඉවත් කෙරෙනු ඇත.
එමෙන්ම දිවයින පුරා සෙසු පොලිස්බල ප්‍රදේශවලට පනවා තිබූ හුදෙකලා තත්ත්වය හෙට උදෑසන 5.00 සිට ඉවත් කිරීමටත් තීරණයකර තිබේ.