දහම් ගුරු සහතික පත්‍ර විභාගය කල්යයි

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතව තිබූ දහම් ගුරු සහතික පත්‍ර විභාගය වෙනත් සුදුසු දිනකදී පැවැත්විමට තිරණය කර ඇත.

 

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දෙයි.

දහම් පාසල් ගුරු භවතුන් 15,000ට වැඩි ප්‍රමාණයක් මෙම වසරේ විභාගය සඳහා සුදුසුකම් ලබා තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 22ක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම විභාගය නැවත පැවැත්වෙන දිනය සහ විභාග මධ්‍යස්ථාන පිළිබද තොරතුරු විභාග අපේක්ෂකයින්ට ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Read more

Local News