රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිත කාන්තාව සොයා මෙහෙයුම් තවදුරටත්

Share

කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

 

ඇහැළියගොඩ පදිංචි මවක්, වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග පෙරේදා රාත්‍රියේ කොළඹ අයි.ඩී.එච්. රෝහලෙන් පළාගොස් තිබුණි.

එහිදී ඇගේ දරුවා නිවසේ සිටි ඥාතීන් වෙත භාරදී සිටිය දී ඊයේ (20) දිනයේ සොයා ගෙන තිබුණි.

Read more

Local News