තවත් කොවිඩ් ආසාදිතයින් 208ක් හඳුනා ගනී

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 208ක් අද (25) දිනය තුළ වාර්තා වී තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව අද දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 502ක් වාර්තා වී ඇත.