ධීවර අංශය තුළින් 2020 දී නව රැකියා අවස්ථා 50,000 දක්වා වර්ධනය කිරීම අපේක්ෂිතයි

Share

ධීවර අංශය තුළින් 2020 දී නව රැකියා අවස්ථා 50,000 දක්වා වර්ධනය කිරීම අපේක්ෂිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 2017 ප්‍රගති වාර්තාව පෙන්වා දෙයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය 2016 – 2017 වසරේ සැප්තැම්බර් දක්වා කාලපරිච්ඡේදයේ දී ධීවර අංශ තුළින් නව රැකියා අවස්ථා 8665ක් උත්පාදනය කර ඇති අතර
2020 දී එය රැකියා 50,000 දක්වා වර්ධනය කිරීම අපේක්ෂිතය.

මෙම අපේක්ෂාවන්ට සමගාමීව නව තාක්ෂණය හඳුන්වාදීම තුළින් එකතු කළ අගය සහිත නිෂ්පාදනයන් ප්‍රමාණත්මකව ඉහළ නංවාලීම හා අපනයන ප්‍රවර්ධනය තුළින් විදේශ විනිමය ඉපයිම වර්ධනයට ඇති අවකාශය තවදුරටත් පුළුල්වීම ජාතික ආර්ථික වර්ධනයට මනා පිටුවහලක් වනු ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Read more

Local News