අද සහ හෙට කැලණිවැලි දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වැසේ

Share

අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසුවේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (17) සහ හෙට (18) දින දෙක තුළදී සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවයි. ඒ දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ද ප්‍රකාශ කරන සිටින බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව ඊයේ  (16) රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා මෙම මාර්ගය වසා තැබෙනු ඇත.

Read more

Local News