කවුඩුල්ල ජාතික උද්‍යානයෙන් රුපියල් මිලියන 191.11ක ආදායමක්

Share

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කළේ 2017 වසරේ කවුඩුල්ල ජාතික උද්‍යානයට සංචාරකයින් 159,394ක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 191.11ක ආදායමක් ලැබී ඇති බවයි.

ඒ අනුව කවුඩුල්ල ජාතික උද්‍යානයට දේශීය සංචාරකයින් 72,959ක් පැමිණ ඇති අතර ඒ හරහා මිලියන 2.87ක ආදායමක් උපයාගෙන ඇත.

එමෙන් ම එම වසරේ දී විදේශීය සංචාරකයින් 86,435ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් මිලියන 126.23ක ආදායමක් උපයාගෙන ඇත.

සංචාරක පැමිණීමට අමතර ව රුපියල් මිලියන 62.01ක ආදායමක් ද උපයාගෙන ඇත.

Read more

Local News