දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අදාළ වෛද්‍යවරියගේ වාට්ටුවේ ලිපිකරු වන කේ.ඉන්දික සහ ඇය විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයෙකු බව කියන නිමල් රංජිත් මුතුකුඩ යන සැකකරුවන් දෙදෙනා රුපියල් 25000/- ක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කළා.