පාර්ලිමේන්තුවේ චර්යාධර්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් – අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

Share

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේ,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන අචාර ධර්ම තුළින් හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන බවත් පාර්ලිමේන්තුවේ චර්යාධර්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් බවයි.

සම්පත් සැම දෙයක්ම තියෙන වාසනාවන්ත භූමිය අපේ රටයි. විනයයි, කැපවීමයි, අවංක කමයි රටකට අවශ්‍යයි. මනස හැදෙන්නේ නැති සමාජයක් හදන්න බැහැ. ඓතිහාසික පනත් දෙකක් ගේන්නේ. ආචාර ධර්ම පද්ධතිය, ස්ථාවර නියෝග වැඩපිළිවෙල සතුටුදායකයි.

සංවරයක් ලෙස වාද විවාද කළ හැකියි. අචාර ධර්ම තුළින් හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තුවේ චර්යාධර්ම ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. නීතිය නිසි ලෙස රටේ ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා පවසා සිටියේ ය.

Read more

Local News