අගහිඟ කලාකරුවන් 4000කට මූල්‍ය ආධාර ලබාදීමට පියවර – අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය

Share

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ විවිධ කලා ක්ෂේත්‍රවල නියැළුණු අගහිඟ කලාකරුවන් 4000කට පමණ 2018 වසරේ මූල්‍යාධාර ලබාදීමට පියවර ගන්නා බවයි.

වසර 2017 දී ආර්ථික අගහිඟ වියපත් කලාකරුවන් 1042ක් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. වයෝවෘද්ධ කලාකරුවන් සැදෑ සමයේ දී ඔවුන්ට අත්වැලක් සැපයීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

මේ වනවිට කලාකරුවන් 3500ක් පමණ ලියාපදිංචි වී සිටින බව අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

Read more

Local News