ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට අවසර ඉල්ලයි

Share

ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.

සමාගම් දෙක ඉල්ලා ඇත්තේ, ලෝක වෙළඳ පොළේ ගෑස් විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දැන් පවතින මිලට ගෑස් අලෙවි කළ නොහැකි බව කියමින් මිල වැඩි කිරීමට ඉක්මනින් අවසර දෙන ලෙසයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කට වැඩි ගණනකින් වැඩි කිරීමට සමාගම් දෙක අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.

ගෑස් සිලින්ඩරයක මිල පසුගිය වසරේ දී රුපියල් 110 කින් වැඩි කෙරුණු අතර ඒ අනුව කිලෝ 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක කොළඹ මිල සටහන් වන්නේ රුපියල් 1431කි.

ගෑස් මිල වැඩි කිරීමට මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බවයි සඳහන් වන්නේ.

Read more

Local News