පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා ඉතාම ඉක්මනින් බඳවාගැනීම් සිදු කරනවා – අධ්‍යාපන අැමති

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (20) පාර්ලිමේන්තුවේ දි පැවසුවේ, පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා ඉතාම ඉක්මනින් බඳවාගැනීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවේ තිබෙන මුළු ජාතික පාසල් සංඛ්‍යාව 353කි. ස්ථීර විදුහල්පතිවරු පත් කර ඇති පාසල් සංඛ්‍යාව 121කි. දැනට වැඩ ආවරණය කරන ශ්‍රේණිගත ගුරුවරු සංඛ්‍යාව 232ක් බවද අමාත්‍යවරයා පැවසීය.

ස්ථීර විදුහල්පතිවරුන් නොමැති ජාතික පාසල් සඳහා ස්ථීර විදුහල්පතිවරු පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා අදාළ ජාතික පාසල් ලේඛනය හා අනෙකුත් ලේඛන රාජ්‍ය
සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යවා ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.

ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ විශාල හිඟයක් තිබුණා. පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත ම නියමිත ශ්‍රේණි ධාරීන් හිටියේ නෑ. ඒ නිසා විදුහල්පතිවරුන් බඳවා ගැනීම ආරම්භ කළා. අධ්‍යාපන පරිපාලන සේවයේ 852ක් බඳව ගනු ලැබුවා. වසරක් පුහුණු කළා. විදුහල්පති තුන්වන ශ්‍රේණියේ හාරදහසක් පමණ බඳවාගෙන පද්ධතියට දමා තිබෙනවා. දැන් ගැසට් කරලා, ඉතාම ඉක්මනින් බඳවා ගැනීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News