“අපේ සුවය – රටේ සවිය” නමින් ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Share

“අපේ සුවය – රටේ සවිය” නමින් ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කොට ඇත.
 මේ වසරේ පෙබරවාරි මාසයේ සිට පොළොන්නරුව, කළුතර, මොණරාගල, බදුල්ල මඩකලපුව හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කෙරේ.
බෝ නොවන රෝග වළක්වාගැනීම සඳහා ප්‍රජා සෞඛය සංවර්ධන වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ආරම්භ කර ක්‍රියාත්මක කිරීම තුළින් බෝ නොවන රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් ඔවුන් මුදවාගනිමින් නිරෝගීමත් කිරීම තුළින් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Read more

Local News