ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානය

Share

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය – 2020 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

 

සමාජ මාධ්‍ය පිළිබඳ මූලික උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන් 76ක් මෙම උපාධි ප්‍රදානයට සුදුසුකම් ලබා තිබු අතර  එහිදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් උපාධිධාරීන් 50 දෙනෙකුට උපාධි ප්‍රදානය සිදුවිය.

මෙම අවස්ථාව සඳහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ශාස්ත්‍රීය) එම්.ටී.ආර්.ශාමිනී අත්තනායක ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

Read more

Local News