මාර්ග පද්ධතිය දියුණු කිරීමට මෙන්ම නියාමනය කිරීමටත් අවශ්‍යයි – රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

Share

රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මෝටර් වාහන පනත යටතේ නියෝගය පිළිබඳව විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ,

”මහා මාර්ග හා ප්‍රවාහනය අපේ රටේ වැදගත් අංශයක්. විනයක් නොමැති මාර්ග අනතුරු සහිත ජීවිත නැතිවන අංශයක් ලෙස අපේ ප්‍රවාහන සේවය පත්වෙලා. මුදල් මතින් පමණක් මෙය විසඳිය නොහැකියි. ජනතාව දනුවත් කර ජනතාවට විනයක් ලබාදීලා, පුහුණුවක් දීලා, පොදු සමජය ගැන සිතලා, රටක් හැටියට ඉදිරියට යන්නට මාර්ග පද්ධතිය දියුණු කරනවා මෙන් ම නියාමනය කිරීමටත් අවශ්‍යයි.

ජනතාවට හොඳ ප්‍රවාහන පද්ධතියක් නෑ. මේ පිළිබඳව අපි විසඳුම් දෙන්න වැඩ කළ යුතුයි. අධිවේගී මාර්ග පද්ධතිය විනයක් ඇතිව ක්‍රියාත්මක වෙනවා. ඉදිරි සැලසුම් කරනවිට සාධාරණ වියදමකින් අධිවේගී මාර්ග පද්ධතිය වත්මන් රජය විසින් සංවර්ධනය කරගෙන යනවා.

මාර්ග තදබදය අඩුකරන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දීර්ග කාලයක් නගර සැලසුම් නොමැතිව ජනාකීර්ණ වෙලා තිබෙන්නේ. මාර්ග හැදිලා තිබෙන්නේ සැලසුම් නැතිව. මෝටර් රථ දෙපාර්තමේන්තුව පරිගණක මඟින් කාර්යක්ෂම කළ යුතුයි. ඇතැම් නිලධාරීන් මෙවැනි ආයතන කාර්යක්ෂම වෙනවාට කමැති නෑ. තාක්ෂණය ආයතනවලට හඳුන්වාදීමට බාධා කරනවා. තාක්ෂණය ආයතනවලට ගෙනවිත් ජනතාවට වංචාවෙන් හා දූෂණයෙන් තොර හොඳ සේවාවන් සකස් කරන්නට සිදු වෙනවා. ඒ සඳහා සහයෝගය දෙනවා. ජනතාව වෙනුවෙන් එය සිදු කළ යුතුයි. කාර්යක්ෂම සහ ජනතාවට පහසුවෙන් සහ ජනතාවට වැඩි වියදමකින් තොරව යා හැකි පොදු ප්‍රවාහන පද්ධතියක් ලබාදීමට කටයුතු කළ යුතු” බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News