න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචන වැඩසටහන ඇරඹේ.

Share

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය සඳහා වැදගත් පියවරක් ලෙස, න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන විශේෂ වැඩසටහනක් අද (ජූලි 14) කොළඹදී ආරම්භ කෙරුණා. මෙය බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් සහ අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ (IAEA) විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන ජූලි 18 දක්වා ක්‍රියාත්මකයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ, විශ්වාසනීයත්වය, අඩු පිරිවැය සහ බලශක්ති ආරක්ෂාව යන කරුණු සලකා බලන විට න්‍යෂ්ටික ශක්තිය ඉතා වැදගත් බවයි. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම පුළුල් කිරීම (LTGEP) 2025–2044 යටතේද මූලික ක්‍රමවේදයක් ලෙස න්‍යෂ්ටික ශක්තිය ඇතුළත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News