ඊ-මෝටරින් ව්‍යාපෘතිය ඉක්මනින් අවසන් කරනවා – අමාත්‍ය අශෝක අබේසිංහ

Share

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා මෝටර් වාහන පනත යටතේ නියෝගය ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේ,

මෝටර් රථ දෙපාර්තමේන්තුව මේ වනවිට විශාල වැඩපිළිවෙල රැසක් සිදු කරමින් යනවා. මේ කටයුතු ඊ-මෝටරින් ව්‍යාපෘතිය හරහා ක්‍රමාණුකූල කිරීමට රජය 2016 සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඊ-මෝටරින් ව්‍යාපෘතිය හරහා දෙපාර්තමේන්තුවේ තිබෙන විශාල ලිපිගොනු අඩු කර, සියල්ල පරිගණක ගත කර, පාරිභෝගිකයන්ට අවශ්‍ය සහන සළසන්න බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා රුපියල් මිලියන 500ක පමණ මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය හැකි ඉක්මනින් අවසන් කර, ඊ මෝටරින් ව්‍යාපෘතිය හරහා ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

2018 වසරේ දෙවැනි අදියරට ටෙන්ඩර් කැඳවීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සියලු දත්ත පරිගණකගත කර රටේ ජනතාවට ප්‍රමාදයකින් තොරව තම අවශ්‍යතාවය මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළින් ඉටු කරදීමට බලාපොරොත්තු වෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

Read more

Local News