දෙනුවර මැණිකේ ධාවනය තාවකාලිකව අත්හිටුවයි

Share

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ‘දෙනුවර මැණිකේ’ දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කර බව ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා දන්වා සිටියි

 

දෙනුවර මැණිකේ දුම්රිය කලින් ආසන වෙන්කර ධාවනය කරනු ලබන දුම්රියක් වන අතර ඒ සඳහා ආසන වෙන්කිරීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවේදනයේ සඳහන් වෙයි

මෙම දුම්රියේ ගමන් කිරීමට කලින් ආසන වෙන්කර ගන්නා ලද මගීන් සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන ‘පොඩි මැණිකේ’ දුම්රිය යොදවා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News