මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මෙවර පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේදී ඡන්දයෙන් තේරී පත් වූ කාන්තා සභික ප්‍රතිශතය 10% දක්වා ඉහළ ගොස් ඇති බවත් කාන්තා නියෝජනය අඩු කිරීමේ අදහසක් නැති බවයි.
මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ මහතා සඳහන් කළේ මෙවර කාන්තාවන් 595ක් ඡන්ද ජයග්‍රහණය කර ඇති බවයි. එම ප්‍රතිශතය 1.9% සිට 10% දක්වා වූ වැඩිවීමක් බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ ඒ දිස්ත්‍රික්ක අනුව පහත සඳහන් පරිදි කාන්තාවන් සංඛ්‍යාවක් ඡන්ද ජයග්‍රහණය ලබා ඇති බව ද සඳහන් කළේය.
| දිස්ත්‍රික්කය | කාන්තා සභික සංඛ්‍යාව | |
| 01 | කොළඹ | 54 |
| 02 | ගම්පහ | 28 |
| 03 | කළුතර | 33 |
| 04 | මහනුවර | 28 |
| 05 | මාතලේ | 18 |
| 06 | නුවර එළිය | 26 |
| 07 | ගාල්ල | 32 |
| 08 | මාතර | 27 |
| 09 | හම්බන්තොට | 16 |
| 10 | යාපනය | 21 |
| 11 | කිලිනොච්චිය | 04 |
| 12 | මන්නාරම | 03 |
| 13 | වව්නියා | 04 |
| 14 | මුලතිව් | 04 |
| 15 | මඩකලපුව | 08 |
| 16 | අම්පාර | 26 |
| 17 | ත්‍රිකුණාමලය | 07 |
| 18 | කුරුණෑගල | 45 |
| 19 | පුත්තලම | 16 |
| 20 | අනුරාධපුර | 31 |
| 21 | පොලොන්නරුව | 09 |
| 22 | බදුල්ල | 24 |
| 23 | මොණරාගල | 13 |
| 24 | රත්නපුර | 32 |
| 25 | කෑගල්ල | 26 |
| එකතුව | 535 |




