හෙට සිට වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක්

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක් හෙට 24 දින සිට බලාපොරොත්තු විය හැකි බවයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිහින්වැසි වාර කිහිපයක් ඇතිවේ.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න්පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

තරමක් ශිත උදෑසන සහ රාත්‍රී කාලයන් පැවතිය හැකි අතර දිවයිනේ සමහර ප්‍රදේශවල (විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ) උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද සඳහන් වෙයි.

Read more

Local News