බිම්බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය ඒකක 2864ක් ඉවත් කරයි

Share

ජපානයේ ආධාර යටතේ කිලිනොච්චියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටින දේශිය සංවිධානයක් ගතවූ මාස 15ක කාලයක් තුලදී මූහමලේ ප්‍රදේශයෙන් බිම්බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය ඒකක 2864ක් ඉවත් කොට තිබේ.

මෙම සංවිධානයට 2018 /2020 යන වර්ෂවල උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් රුපියල් බිලියන 9.8ක මුදලක් ලබා දී ඇත.

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කොට ඇත්තේ උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ තවත් වර්ග කිලෝමීටර් 64ක භූමි ප්‍රමාණයක් බවය.

වසර 2020 වන විට මෙම භූමි ප්‍රමාණයේ බිම්බෝම්බ ඉවත් කිරීමට හැකිවනු ඇති බව මුලින් ප්‍රකාශ කලද දැනට පවතින තත්ත්වය තුල 2025 දක්වා ප්‍රමාද වනු ඇති බව පැවසේ.

Read more

Local News