මහියංගණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ත්‍රී රෝද රථ අනතුරක්

33

දෙහිඅත්තකණ්ඩිය පොලිය පැවසුවේ මහියංගණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ සදුන්පුර පාලම අසලදී අද (23) උදෑසන හයට පමණ සිදුවූ ත්‍රි රෝද රථ අනතුරතින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ කැප්පෙටිපොළ, පෙල්ලිවින්න පදිංචි පී.සමරසිංහ නැමති (අවු78) අයෙකි.

ත්‍රි රෝද රථය සදුන්පුර පාලම්ඇන්දේ වැදී මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාව වන විට ත්‍රිරෝද රථයේ තිදෙනෙකු ගමන්කර තිබේ.

රියදුරුට නින්ද ගොස් පාලමේ වැදී මෙම අනතුර සිදුවී ඇතිබව පොලිසිය පවසයි.