Gaza තීරයේ යුද්ධයෙන් හානි වූ මහල් හයක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අතර ළමුන් අට දෙනෙකු සිටින බව ගලවා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍යවරු පවසති.
Gaza City හි Tal al-Hawa ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල, වසරකට වැඩි කාලයකට පෙර සිදු වූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් පසු එක් පසකට භයානක ලෙස ඇලවී තිබූ බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.
ආරක්ෂිත ස්ථානයක් සොයාගත නොහැකි වූ අවතැන් වූ පවුල් කිහිපයක් එහි වාසය කරමින් සිටි බව ඔවුහු සඳහන් කළහ. සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ සහ ඊජිප්තු කණ්ඩායම් ද එක්ව තිබේ. එහෙත් අවශ්‍ය උපකරණ හිඟවීම හේතුවෙන් මෙහෙයුම ඉතා මන්දගාමී වී ඇති අතර, මුලදී හමාස් පාලනය යටතේ ක්‍රියාත්මක සිවිල් ආරක්ෂක සේවකයන්ට සිය දෑතින්ම සුන්බුන් ඉවත් කිරීමට සිදුව තිබිණි.
ඊයේ (16) පස්වරුව වන විට මෙහෙයුම අවසන් කළ බවත්, තුවාල ලැබූ පුද්ගලයන් 45 දෙනෙකු රෝහල් වෙත රැගෙන ගිය බවත් ගලවා ගැනීමේ කණ්ඩායම් පැවසීය.
ප්‍රදේශවාසීන් පැවසුවේ ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට අනතුරු ඇඟවීම් තිබියදීත් පවුල් 10ක් පමණ එහි ජීවත් වූ බවයි.
Share
Read more



