මීගහතැන්න පොලිස් වසමේ පොල්ගම්පල – අගලවත්ත මාර්ගයේ කෙවිටියාගල ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාවක් රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත. ඊයේ (11) රාත්‍රියේ සිදුවූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි වියපත් කාන්තාවකි. මෙම මරණය රිය අනතුරකින් සිදුවූවක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් මීගහතැන්න පොලීසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ
Share
Read more



