තලාතුඔය පොලිස් වසමේ හඟුරන්කෙත පාර, ගුරුදෙණිය ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ තිබී නාඳුනන කාන්තා මළසිරුරක් ඊයේ (11) උදෑසන සොයාගෙන තිබේ. මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඇය වයස අවුරුදු 50ත් 55ත් අතර පසුවන, උස අඩි 5යි අඟල් 2ක් පමණ වන තරබාරු සිරුරකට හිමිකම් කියන්නියකි. මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර අද (12) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
Share
Read more



